දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (21) පස්වරු 4.00 සිට හෙට (22) පස්වරු 4.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මට්ටම 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අවදානයෙන් සිටීමේ (මට්ටම 2 – ඇම්බර්) සහ විමසිලිමත් වීමේ (මට්ටම 1 – කහ) නිවේදන නිකුත් කර ඇත.













