ආපදා අවස්ථාවන්හිදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම හා ගලවාගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙගා ෆෝන් 3300ක් බෙදා දී තිබේ.
දේශගුණික බලපෑම් අවම කිරීමේ අදියරක් ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් ලෙස ලෝක බැංකු ආධාර මත මෙම මෙගා ෆෝන් බෙදාදීම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරුන් ද එක්ව සිටියහ.













