රටේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ජාතික විද්වත් සංවිධානය විශාල සේවයක් සිදු කළ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ කැලණිය ආසන සමුළුව කිරිබත්ගොඩ සනාරා මන්දිර හෝටල් පරිශ්‍රයේදී පැවැති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී කැලණිය, පෑලියගොඩ හා කිරිබත්ගොඩ ප්‍රදේශ නියෝජනය කරමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමද සිදු කෙරිණි.













