සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (21) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී සිවරාසා අනෝජන් වෙනුවෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගත හැකි නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික පියවර පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු කර ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞදි අරාබි බලධාරීන් සමඟ පවතින සම්බන්ධීකරණ කටයුතු පිළිබඳවද සොයා බැලූ බව ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.













