Passport Reports විසින් ප්‍රකාශයට පත් කළ දත්ත අනුව, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලෝක ශ්‍රේණිගත කිරීමේ 169 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. එහි සංචලන ලකුණු සංඛ්‍යාව 53ක් ලෙස දැක්වෙනවා.
එම දත්ත අනුව ශ්‍රී ලාංකිකයන්ට රටවල් 15කට වීසා රහිතව ගමන් කළ හැකි අතර, ගමනාන්ත 34කට පැමිණීමේදී වීසා ලබාගැනීමටත්, රටවල් 4කට විද්‍යුත් සංචාරක අවසරය (ETA) මත ඇතුළුවීමටත් හැකියාව තිබෙනවා. කෙසේ වෙතත්, ගමනාන්ත 145ක් සඳහා පෙර වීසා ලබාගැනීම අවශ්‍ය බව සඳහන්.
කලාපයේ රටවල් අතර ඉන්දියාව 131 වැනි ස්ථානයේත්, චීනය 97 වැනි ස්ථානයේත්, පාකිස්ථානය 183 වැනි ස්ථානයේත් පසුවනවා. ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හිමිව ඇති අතර, සිංගප්පූරුව දෙවැනි ස්ථානයේ පසුවනවා.














