ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි. යහපාලනය, විනිවිදභාවය, වගවීම, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධානද ඊට ඇතුළත් වනවා.
ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්වවල සුබසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණය ඇතුළු අනිසි ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා අවශ්‍ය බලතල හා කාර්යයන් ද පනත් කෙටුම්පත මඟින් නියම කිරීමට අපේක්ෂිතයි. නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබීමෙන් පසු එය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.














