මෙරට භාවිත වන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 618 අතරින් ඖෂධ වර්ග 33ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 13ම හිඟයකින් තොරව පවතින බවයි ඔහු සඳහන් කළේ.
රෝහල්වල දෛනික ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඖෂධ වර්ග 886කින් සමන්විත විශේෂ ප්‍රමුඛතා ලේඛනයක් හඳුන්වා දී තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 618න් 585ක් මේ වන විට රෝහල් සහ සෞඛ්‍ය ආයතන සතුව පවතින බවද අමාත්‍යවරයා පැවසුවා.
හිඟ ඖෂධවල බලපෑම අවම කිරීම සඳහා දේශීය වශයෙන් ඖෂධ මිලදී ගැනීමට මුදල් වෙන් කර ඇති බවත්, ඖෂධ හිඟය කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
















