ජපානයේ ටෝකියෝ අගනගරය සහ ඒ අවට ප්‍රාන්තවලට දැඩි වර්ෂාපතනයක් හා ප්‍රචණ්ඩ සුළං ඇති කරමින් බලපෑ ‘දුජුවාන්’ (Dujuan) සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කනාගාවා සහ චිබා ප්‍රාන්තවල සිදුවූ නායයෑම් හේතුවෙන් මෙම මරණ වාර්තා වී ඇති අතර තවත් පුද්ගලයින් හයදෙනෙකු අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.
කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 50,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති අතර ගුවන් ගමන් සිය ගණනක්ද අත්හිටුවීමට සිදුව තිබෙනවා. කුණාටුවේ නියත සුළං වේගය පැයට කිලෝමීටර් 130ක් වූ අතර, පැයට කිලෝමීටර් 194ක පමණ වේගවත් සුළං ප්‍රහාරද වාර්තා වී තිබෙනවා.
















