ග්‍රාමීය මාර්ග වැඩසටහන යටතේ බස්නාහිර සහ උතුරු පළාත්වල මාර්ග පැකේජ පහක් පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා කැඳවූ ලංසු 17ක් ඇගයීමෙන් අනතුරුව, ඉන් පැකේජ තුනක කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග පැකේජ අංක 02 සඳහා රුපියල් මිලියන 659.05ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පැකේජ අංක 01 සඳහා රුපියල් මිලියන 801.74ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පැකේජ අංක 02 සඳහා රුපියල් මිලියන 659.12ක් වටිනා කොන්ත්‍රාත්තු M/s R.R. Construction (Pvt) Ltd. වෙත පිරිනැමීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙම මුදල් සියල්ල එකතු කළ අගය මත බදු රහිත වන අතර, අදාළ කොන්ත්‍රාත්තු සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත පිරිනැමීමට නියමිතයි.
















