මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පොත් මිලදී ගැනීමට පැමිණෙන ජනතාවට නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී බෑගයක් රැගෙන එන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටිනවා.
පසුගිය වසරවලදී පොත් රැගෙන යාම සඳහා විශාල වශයෙන් ප්ලාස්ටික් බෑග් භාවිත කර ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව, අතලු සහිත සිලි සිලි මලු පාරිභෝගිකයන්ට නොමිලේ ලබාදීම තහනම් වන අතර, මුදලට අලෙවි කරන්නේ නම් අය කරන මුදල බිල්පතේ පැහැදිලිව සඳහන් කළ යුතුයි.
2026 සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වන ප්‍රදර්ශනයේදී තනි භාවිත ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය පිළිබඳව වෙළෙඳුන් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. “නුවණින් කියවමු – නුවණින් රැගෙන යමු” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සමඟ එක්ව මෙම වැඩසටහන පැවැත්වෙනවා.















