එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඉන්දියාව දරන උත්සාහයට යුරෝපා රටවල් හතරක සහාය හිමිව තිබෙනවා.
ඒ අනුව පෝලන්තය, හංගේරියාව, ස්ලෝවැකියාව සහ චෙක් ජනරජය යන රටවල් ඉන්දියාවට එම ස්ථිර අසුන ලබාදීම සඳහා සහාය පළ කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඉන්දීය විදේශ අමාත්ය එස්. ජයිශංකර් සහ විසේග්රාඩ් කණ්ඩායමේ රටවල් හතරේ නියෝජිතයන් අතර පැවති පළමු හමුවේදී මේ පිළිබඳව එකඟතාව පළ වී තිබෙනවා.
එහිදී දේශපාලන, ආර්ථික, තාක්ෂණික සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම වාර්ෂික ව්යාපාරික සංසදයක් සහ විදේශ අමාත්යවරුන්ගේ වාර්ෂික හමුවක් පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව සඳහන්.














