ඉන්දුනීසියාවේ සති ගණනාවක් පුරා පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් අගෝස්තු මාසයේ සිට පුද්ගලයින් 175,000කට ආසන්න පිරිසක් ශ්වසන රෝගවලින් පීඩා විඳ ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. එම රෝගීන් අතරින් 40,000කට වැඩි පිරිසක් කුඩා දරුවන් වන අතර, කැස්ස සහ බ්‍රොන්කයිටිස් සිට නියුමෝනියාව වැනි බරපතළ ශ්වසන රෝග දක්වා තත්ත්වයන් වාර්තා වී ඇත. ලැව්ගිනිවලින් නිකුත් වන විෂ දුමාරය හේතුවෙන් ඉන්දුනීසියාවේ ප්‍රදේශ රැසක් මෙන්ම අසල්වැසි මැලේසියාව සහ සිංගප්පූරුව ද දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර, ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක සෞඛ්‍යයට අහිතකර මට්ටම් දක්වා පහත වැටී තිබේ.
ලැව්ගිනි පාලනය කිරීම සඳහා ඉන්දුනීසියානු රජය නිලධාරීන් 54,000කට අධික පිරිසක් සහ ගුවන් යානා දුසිම් ගණනක් බෝර්නියෝ සහ සුමාත්‍රා දූපත්වලට යොදවා ඇත. ගුවන් මගින් ජලය හෙළීම ඇතුළු මෙහෙයුම් අඛණ්ඩව සිදුකළද, විශාල භූමි ප්‍රදේශ සහ පීට්ලන්ඩ් බිම්වල පවතින දුෂ්කර තත්ත්වයන් හේතුවෙන් ගිනි නිවා දැමීම විශාල අභියෝගයක් වී ඇති බව බලධාරීහු සඳහන් කරති. මෙවර වියළි කාලගුණ තත්ත්වය තීව්‍ර වීම හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් බරපතළ වී ඇති අතර, ගිනි නිවා දැමීම සහ ජනතාව ආරක්ෂා කිරීම සඳහා සියලු සම්පත් යොදාගෙන මෙහෙයුම් සිදුකරන බව කැබිනට් ලේකම් ටෙඩී ඉන්ද්‍රා විජය පවසයි.














