ගාසා තීරයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් පවසයි. ගාසා තීරයේ ඛාන් යුනිස් හි වාහනයක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඉශ්රායෙල් කට්ස් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම ප්‍රහාරයෙන් මියගිය මොහොමඩ් අබු එල්වන් නමැත්තා ජ්‍යෙෂ්ඨ හමාස් මූල්‍ය නිලධාරියෙකු බවයි.
පසුව ගාසා නගරයේ සහ මධ්‍යම ගාසා තීරයේඩියර් අල්-බලාහ් හි එල්ල වූ වෙනත් ප්‍රහාර දෙකකින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ගේට් අගෝස්තු මස සටන් විරාමයෙන් පසු මේ දක්වා පලස්තීනුවන් 1,400කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, සටන් විරාම උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකිනෙකාට චෝදනා එල්ල කර ගනී.














