2026 වසරේ මුල් මාස අටහමාරක කාලය තුළ පමණක් බංග්ලාදේශ බන්ධනාගාර තුළ සිරකරුවන් අවම වශයෙන් 132 දෙනෙකුවත් මියගොස් ඇති අතර, එමගින් බන්ධනාගාර තුළ පවතින වෛද්‍ය පහසුකම්වල මන්දගාමී බව සහ අධික තදබදය පිළිබඳ බරපතල ප්‍රශ්න මතුව තිබේ. බන්ධනාගාර ගතවන පුද්ගලයන්ට හිමිවන එකම දඬුවම නිදහස අහිමි වීම විය යුතු වුවද, ඥාතීන් අහිමි වූ පවුල්වලට එය පිරිමැසිය නොහැකි මහා ඛේදවාචකයක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇතැම් දිනවල මෙම මරණ සංඛ්‍යාව හතර දක්වා ඉහළ ගොස් ඇති අතර, හදිසි ප්‍රතිකාර හා රැඳවියන් ජීවත්වන පරිසරයේ තත්ත්වය පිළිබඳව දැඩි බියක් මතුව ඇත. නිල වාර්තා සහ මානව හිමිකම් සංවිධාන දත්ත අතර යම් වෙනස්කම් පැවතියද, සිරකරුවන් බරපතල ලෙස රෝගාතුර වූ විට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාර සහ ඒ පිළිබඳව පවුල්වලට දැනුම් දීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවී තිබේ.














