‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ රාජ්ය ප්රතිපත්ති ප්රකාශය මූලික කරගනිමින් කෘෂිකාර්මිකයාගේ සැඳෑ සමය සුරක්ෂිත කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නව විශ්රාම වැටුප් යෝජනා ක්රමයක් හඳුන්වා දී තිබේ. ගොවියාගේ ක්රය ශක්තියට අනුව දරාගත හැකි වාරික යටතේ අභිමත මාසික විශ්රාම වැටුපක් තෝරා ගැනීමට සහ කලත්රයාට ප්රතිලාභ ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව සලසා දී ඇත.
මෙම යෝජනා ක්රමය සමාජගත කිරීමේ ප්රවර්ධන මාස ලෙස සැප්තැම්බර් සහ ඔක්තෝබර් නම් කර ඇති අතර, ඒ යටතේ දිස්ත්රික් මට්ටමින් ගොවීන් බඳවා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.














