සාමය සඳහා වූ පාගමනට (Walk for Peace) භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව ගමන් කළ ‘ආලෝකා’ නම් සාමයේ සුනඛයාගේ සගයා වූ ‘සෝ’ (Sổ) නම් සුනඛයා මියගොස් තිබේ.
පාගමන අතරතුර භික්ෂූන් වහන්සේලාට සහ සහභාගී වූ පිරිසට සමීපව සිටි ‘සෝ’, පාගමනට එක්වූවන්ගේ විශේෂ අවධානයට සහ ආදරයට ලක්වූ සුනඛයෙකු බව සඳහන් වේ. ‘ආලෝකා’ ද සාම පාගමන සමඟ දිගු දුරක් ගමන් කරමින් එහි සුවිශේෂී සගයෙකු බවට පත්ව තිබිණි.
මියගිය ‘සෝ’ සුනඛයාගේ අවසන් කටයුතු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදුකරමින් චාම් අයුරින් පවත්වා ඇති බව වාර්තා වේ.
















