බණ්ඩාරවෙල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්‌ශන කාර්‌යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ ලද තොරතුරක් මත සිදුකළ විමර්‌ශනයකින් අනතුරුව මඩොල්සිම ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගත් බවයි. කොළඹින් රැගෙන එන අයිස් මත්ද්‍රව්‍ය බණ්ඩාරවෙල නගරයේ අලෙවි කර ඇති බවටද සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු හෙට (27) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්‌ශන කාර්‌යාංශය වැඩිදුර විමර්‌ශන සිදු කරයි.
















