ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා අත්දැකීම් රැසකට හිමිකම් කියන ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූරයෙකු වන ජැක්ස් නේතන් ගුණවර්ධන, මෙවර ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී ‘Yamamoto Motor Corporation’ සමාගම නියෝජනය කරමින් ධාවන පථයට පිවිසීමට නියමිතය. ඒ අනුව ඔහු අංක 99 යටතේ MX 250cc විවෘත සහ MX 125cc කාණ්ඩ යටතේ මෙම තරගාවලියේදී තරග වැදීමට සූදානමින් සිටියි.
ජාතික ශූරතා පහක් සහ ජාත්‍යන්තර තරග රැසක ජයග්‍රහණ හිමිකර ගනිමින් මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නාමයක් දිනා සිටින ගුණවර්ධන, සමාගමේ ‘From the Road to the Racetrack’ ප්‍රවර්ධන තේමාව යටතේ මින්නේරිය ධාවන පථයට මෙම කීර්තිය රැගෙන ඒමට නියමිතය. VOGE, LIFAN සහ ZONSEN වැනි ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සන්නාම සමඟින් ධාවකයන් අතර දිගුකාලීන සබඳතා ගොඩනගා ගැනීමට මෙම අනුග්‍රාහකත්වය ඉමහත් පිටුවහලක් වනු ඇති බව Yamamoto සමාගම සඳහන් කරයි.
















