වසර 85කට අධික අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන 85 වන අන්තර් කොට්ඨාස පොලිස් මලල ක්‍රීඩා උළෙල 2026 සැප්තැම්බර් 25 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩා පිටියේදී ගරු පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 69ක් නියෝජනය කරමින් නිලධාරීන් සහ නිලධාරිනියන් 4,000කට ආසන්න පිරිසක් මලල ක්‍රීඩා ඉසව් 30කට වැඩි සංඛ්‍යාවක් සඳහා මෙහිදී තරග වැදීමට නියමිතය.
සමාරම්භක දිනයේදී පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය කන්කසන්තුරේ කොට්ඨාසය නියෝජනය කළ කාන්තා උප පොලිස් පරික්ෂක A.D.W. මෙන්ඩිස් මහත්මිය විසින් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ශාරීරික යෝග්‍යතාවය, විනය සහ ක්‍රීඩා කුසලතා ඔංප්නැංවීම අරමුණු කරගත් මෙම ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 27 වන දින දක්වා පැවැත්වේ.
















