නීතිවිරෝධී ලෙස ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටි බවට ලද තොරතුරක් මත කළුතර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ වාද්දූව ප්රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් සොයාගත් බවයි.
හබරලගහලන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී එම ගිනිඅවිය වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, එම ගිනිඅවිය මිලදී ගැනීමේ අරමුණ කුමක්ද හෝ එය කිසියම් අපරාධයක් සඳහා භාවිත කර තිබේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















