අද මෙරට රන් මිල ගණන් අනුව කැරට් 24 රන් ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 355,160ක් සහ විකිණීමේ මිල රුපියල් 379,910ක් ලෙස සඳහන් වේ.
එමෙන්ම කැරට් 22 රන් ග්රෑම් 8ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,295ක් වන අතර විකිණීමේ මිල රුපියල් 348,135ක් ලෙස වාර්තා වේ.
කැරට් 21 රන් ග්රෑම් 8ක් සඳහා මිලදී ගැනීමේ මිල රුපියල් 310,705ක් සහ විකිණීමේ මිල රුපියල් 332,525ක් වන අතර, කැරට් 18 රන් ග්රෑම් 8ක් සඳහා එම මිල ගණන් පිළිවෙළින් රුපියල් 266,295ක් සහ රුපියල් 285,130ක් ලෙස සඳහන් වේ.
කෙසේ වෙතත් රන් මිල දිනෙන් දින වෙනස් විය හැකි බැවින්, රන් භාණ්ඩයක් හෝ රන් තොගයක් මිලදී ගැනීමට පෙර අදාළ වෙළඳසැලේ එදිනට පවතින මිල සහ අමතර ගාස්තු පිළිබඳව තහවුරු කර ගැනීම වැදගත් වේ.
















