2026.09.28 දින රාත්‍රියේ කඩවත පොලිස් වසමේ සූරියගම ප්‍රදේශයේදී කඩවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 538යි මිලිලීටර් 500ක් (බෝතල් 718ක්) මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 සහ 52 වයස්වල පසුවන ජාඇල සහ ඒකල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මත්පැන් තොගය සහ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














