2026.09.28 දින දහවල් මොරටුමුල්ල පොලිස් වසමේ කටුබැද්ද ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 78යි මිලිලීටර් 750ක් (බෝතල් 105ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














