ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.
හෘද රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, හෘදයාබාධ වළක්වා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජනතාව යොමු කිරීම ලෝක හදවත් දිනය සැමරීමේ ප්‍රධාන අරමුණු වේ.
ලෝක හෘද සම්මේලනය විසින් සෑම වසරකම මෙම දිනය සමරනු ලබන්නේ හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා අවශ්‍ය දැනුවත්භාවය සමාජය තුළ ඇති කිරීමේ අරමුණෙනි.
ලොව පුරා මරණ සඳහා ප්‍රධාන හේතුවක් ලෙස හෘද රෝග සැලකෙන අතර, මෙවර ලෝක හදවත් දිනයේ තේමාව **“Don’t Miss a Beat”** යන්නයි.
හෘද රෝගවල පූර්ව ලක්ෂණ නොසලකා නොහැරීම සහ හදවතේ නිරෝගීභාවය වෙනුවෙන් කාලෝචිතව ක්‍රියා කිරීමේ වැදගත්කම එම තේමාව මගින් අවධාරණය කෙරේ.














