ලෝකයේ ප්රමුඛ පෙළේ නව බලශක්ති වාහන නිෂ්පාදකයෙකු වන BYD සහ මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව සිය 11 වන ප්‍රදර්ශනාගාරය මීගමුවේදී විවෘත කර තිබෙනවා.
බස්නාහිර පළාතේ සිය ජාලය තවදුරටත් පුළුල් කරමින් විවෘත කළ මෙම නව ප්‍රදර්ශනාගාරය මීගමුව, හලාවත පාරේ අංක 254 ස්ථානයේ පිහිටා තිබෙනවා.
මෙම ප්‍රදර්ශනාගාරය හරහා BYD SEALION සහ BYD DOLPHIN ඇතුළු නවතම විද්‍යුත් සහ ප්ලග්-ඉන් දෙමුහුන් වාහන රැසක් පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට නියමිතයි.
ඉදිරියේදී මෙම ස්ථානය අලෙවි, සේවා සහ අමතර කොටස් ඇතුළු 3S සේවා එකම ස්ථානයකින් ලබාදෙන පූර්ණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබෙනවා.














