ඉන්ධන ප්රවාහනය සඳහා බවුසර් යෙදවීමට විශාල වියදමක් දැරීමට සිදුවන බවත්, ඉන්ධන සම්බන්ධ ගැටලුවක් ඇති වුවහොත් රටේ සියලුම සේවාවන් අඩපණ වීමේ අවදානමක් පවතින බවත් ඒ. එම්. එච්. අධිකාරී මහතා පෙන්වා දී තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම රටේ ජන ජීවිතයට මෙන්ම ආර්ථික හා රාජ්ය සේවාවන්ගේ ක්රියාකාරීත්වයටද සෘජුව බලපාන බවයි.
එමෙන්ම ඉන්ධන ප්රවාහනය සහ බෙදාහැරීමේ ක්රියාවලියට සම්බන්ධ වියදම් ඉහළ යාම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.














