දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු අධිවේගී මාර්ගයේ මගී ප්රවාහන බලපත්ර 56ක් නියමිත ක්රියාපටිපාටියෙන් බැහැරව නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශන සිදුකර තිබූ බව වාර්තා වී තිබෙනවා.
















