අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර කණ්ඩායමක් ක්‍රියාත්මක වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ පෙලවත්තේ පිහිටි ජවිපෙ මූලස්ථානය පදනම් කරගත් කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරියට එරෙහිව කටයුතු කරන බවට පැතිරෙන කතා “විහිළුවක්” බවයි.
ජවිපෙ සහ ජාතික ජන බලවේගය අතර බෙදීමක් ඇති බවට පළවන අදහස්ද ටිල්වින් සිල්වා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ ජවිපෙ සහ ජාතික ජන බලවේගය අතර එලෙස වෙන් කළ හැකි සීමාවක් නොමැති බවත්, අනුර කුමාර දිසානායක සහ හරිනි අමරසූරිය ඇතුළු නායකයන් අතර සමීප සබඳතාවක් සහ විශ්වාසයක් පවතින බවත්ය.
එමෙන්ම, තමන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක එක්ව අග්‍රාමාත්‍යවරියට වස දීමට සැලසුම් කරන බවට පවා මීට පෙර කතා පැතිර තිබූ බව ටිල්වින් සිල්වා සඳහන් කර තිබෙනවා. එවැනි චෝදනා විපක්ෂයේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන පදනම් විරහිත ප්‍රකාශ බව ඔහු පවසා ඇත.
















