ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මිඩ්නාපූර් (West Midnapore) හි සැල්බෝනි ප්‍රදේශයේ කුඹුරක තිබී මව් ඇතින්නක් සහ ඇගේ පැටවුන් දෙදෙනෙකුගේ සිරුරු ඉරිදා (27) සොයාගෙන තිබෙනවා.
මව් ඇතින්න සහ පැටවුන් දෙදෙනා එකිනෙකාට සමීපව වැටී සිට ඇති අතර, පැටවුන් මවට තුරුළු වී සිටි ආකාරය ද දක්නට ලැබුණු බව වාර්තා වනවා.
කුඹුර හරහා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් විදුලි සැර වැදී මෙම තිදෙනා මියයන්නට ඇතැයි වනජීවී නිලධාරීන් සැක පළ කරනවා. එම විදුලි රැහැන වාරිමාර්ග කටයුතු සඳහා යොදාගන්නා පොම්පයකට සම්බන්ධව තිබෙන්නට ඇති බවටද සැක කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර, පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව මරණයට නිශ්චිත හේතුව තහවුරු කිරීමට නියමිත බව නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















