ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට ධාවනය වන බස් රථවල රියදුරන් විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නේදැයි හඳුනාගැනීම සඳහා විශේෂ ජංගම පරීක්ෂාවක් අද ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙහිදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හඳුනාගන්නා බස් රථ රියදුරන් සම්බන්ධයෙන් අදාළ නීතිමය පියවර ගැනීමට නියමිත බව සඳහන්.
ගාල්ල පොලිස් කොට්ඨාශය, පුහුණු වෛද්‍ය පීඨය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු ආයතන රැසක මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය යූ.සී.පී. පෙරේරා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
















