ඩුබායි සිට ගුවන් මගින් මෙරටට පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ බව කියන අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 994ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් සැප්තැම්බර් 29 දින ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















