ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ක්‍රීඩා අභ්‍යාස (ශාරීරික යෝග්‍යතා) NVQ-4 පාඨමාලාව හැදෑරූ පුහුණුලාභීන් 105 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය ඊයේ (29) පැවැත්වුණා.
හාලිඇළ විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයේදී, ගිරාඳුරුකෝට්ටේ පිහිටි ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී ක්‍රීඩා පුහුණුව සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට සහතිකපත් පිරිනැමුණා.
දැනුම, ආකල්ප හා කුසලතාවලින් පිරි නිරෝගී සහ ජවසම්පන්න ක්‍රීඩා පරපුරක් බිහිකිරීමේ අරමුණින් මෙම ක්‍රීඩා අභ්‍යාස (ශාරීරික යෝග්‍යතා) NVQ-4 පාඨමාලාව ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු ඌව පළාත් රාජ්‍ය නිලධාරීන් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෝලිත බී. විජේසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
















