අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් වයඹ වනජීවී කලාපයේ පවත්නා විදුලි වැට අධීක්ෂණ රාජකාරී කටයුතු සඳහා වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් වෙත යතුරුපැදි 12ක් ලබාදීමට පසුගියදා කටයුතු කර තිබේ.
වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ප්‍රධාන ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගිය 27 වැනි දින මෙම යතුරුපැදි ප්රදානය සිදු කර ඇත.
















