විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ හඳුන්වා දුන් **1818 ක්ෂණික ඇමතුම් අංකය** පැය 24 පුරා ක්‍රියාත්මක වනවා.
දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් හෝ ඒ ආශ්රිත ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීමට මෙම අංකය ඔස්සේ හැකියාව පවතිනවා.
මහජනතාව ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් **සම්පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කරන බවත්**, ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වන බවත් සඳහන්.
ජනාධිපති කාර්යාලයේ සහ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ මෙම සේවාව සම්බන්ධීකරණය කෙරෙනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ ඒ ආශ්රිත සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු **1818** අංකයට ඇමතීමෙන් ඕනෑම මොහොතක ආරක්ෂිතව දැනුම් දිය හැකියි.














