මේ වසර තුළ සහ ලබන වසරේ මුල් කාලය තුළද ශ්‍රී ලංකාවේ උද්ධමනය 8%ක් පමණ වන ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
2027 වසරේ දෙවන කාර්තුවෙන් පසුව උද්ධමනය මහ බැංකුවේ 5%ක ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.
උද්ධමනය ඉහළ යාමෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මේ වනවිට මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්තිමය මෙවලම් භාවිත කරමින් පියවර ගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.
ඉදිරියේදීද අවිනිශ්චිත තත්ත්වයන් ඇති වුවහොත්, ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සහ රජයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අවශ්‍ය පරිදි භාවිත කිරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
















