හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයෙන් පිටතට පැමිණෙමින් සිටියදී, ඔහුගේ ආරක්ෂාවේ නිරතව සිටි නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් පහර දුන් බව වාර්තා වනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව රෝහල්ගත වී තිබෙනවා.
සිද්ධිය එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ කැමරාවලද පටිගත වී ඇති බව සඳහන්.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වනවා.
අද (30) රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර, නඩුව නොවැම්බර් 11 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
















