ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් රුමේෂ් තරංග පතිරණගේ ක්‍රීඩා දක්ෂතාව අගය කරමින් නවීන Honda Vezel මෝටර් රථයක් තිළිණ කර තිබෙනවා.
රුමේෂ් තරංග වෙනුවෙන් මෙම උපහාරය පිරිනැමීමේ අවස්ථාවට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලබාදුන් රුමේෂ්ගේ දක්ෂතාව අගය කරමින් මෙම උපහාරය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
















