බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත 2026 සැප්තැම්බර් 26 වැනිදා සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත එදිනම යායවත්ත, ලපොත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර ඇති අතර, එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 842ක ප්‍රමාණයක් සොයාගෙන තංගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අදාළ නිවසේ හිමිකරු නීතිඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















