ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට විවාහ වීම තහනම් කරමින් නව නීතියක් ක්රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, බාල වයස්කරුවන්ට දෙමාපියන්ගේ අවසරය මත විවාහ වීමට හෝ ගෘහස්ථ හවුල්කාරිත්වයකට ඇතුළත් වීමට ඉඩ ලබාදුන් නීතිමය ප්රතිපාදන ඉවත් කර ඇති බවයි කැලිෆෝනියා ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරන්නේ.
ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් AB 1267 පනත් කෙටුම්පතට අත්සන් කිරීමත් සමඟ මෙම නව නීතිය ක්රියාත්මක වී තිබෙනවා. ඒ අනුව කැලිෆෝනියාවේ විවාහය සඳහා අවම වයස අවුරුදු 18ක් ලෙස නියම කර තිබෙනවා.
මෙම නීතිය ක්රියාත්මක වීමත් සමඟ ඇමෙරිකාවේ වයස අවුරුදු 18ට අඩු විවාහ සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති ප්රාන්ත සංඛ්යාව ඉහළ ගොස් ඇති අතර, තවත් ප්රාන්ත 32ක යම් යම් කොන්දේසි යටතේ බාල වයස් විවාහ තවමත් නීත්යානුකූල බව Unchained At Last සංවිධානය පවසනවා.
















