BYD සමාගමේ ජපාන වෙළෙඳපොළ ඉලක්ක කර නිපදවන ලද අති සංයුක්ත විදුලි වාහනයක් වන RACCO මාදිලියේ අලෙවිය ටෝකියෝ නගරයේ හඳුන්වා දීමෙන් මාස දෙකක් සම්පූර්ණ වීමටත් පෙර වාහන 1,500 ඉක්මවා තිබෙනවා.
RACCO මාදිලිය හඳුන්වා දී පළමු සති දෙක තුළදීම වාහන 1,000කට වැඩි ඇණවුම් ප්රමාණයක් ලැබී ඇති බවයි සමාගම සඳහන් කරන්නේ.
ජපානයේ දේශීය මෝටර් රථ සන්නාම සඳහා ඉහළ කැමැත්තක් පවතින පසුබිමක, විදේශීය මෝටර් රථ නිෂ්පාදකයෙකු වන BYD හි මෙම මාදිලියට කෙටි කාලයක් තුළ ලැබුණු පාරිභෝගික ප්රතිචාරය විශේෂත්වයක් ලෙස සැලකෙනවා.
RACCO මාදිලිය ශ්රී ලංකා වෙළෙඳපොළටද හඳුන්වාදීමට නියමිත අතර, ජපානය වැනි ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරන වෙළෙඳපොළක ලැබූ ප්රතිචාරය ශ්රී ලංකාවේ පාරිභෝගිකයින් සඳහාද වැදගත් බව JKCG Auto ප්රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර තිබෙනවා.
















