2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩ ක්රියා වැළැක්වීමේ පනත වඩාත් ඵලදායී ලෙස ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡා කර තිබේ.
ප්රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නීතිමය ක්රියාමාර්ග ගැනීමට හැකි පිරිස පුළුල් කිරීම, අයදුම් කිරීමේ ක්රියාවලිය සරල කිරීම සහ අතුරු ආරක්ෂණ නියෝග වඩාත් ඵලදායී කිරීම ඇතුළු යෝජනා එහිදී ඉදිරිපත් වී ඇත.
එමෙන්ම ආරක්ෂණ නියෝග ක්රියාත්මක කිරීම පිළිබඳ පසු විපරම් ක්රමවේද ශක්තිමත් කිරීම සහ ගෘහස්ථ ප්රචණ්ඩත්වයට මුහුණදෙන කාන්තාවන්ගේ අත්දැකීම් මත පදනම් වූ නීතිමය හා ආයතනික ප්රතිසංස්කරණ සිදුකිරීමේ අවශ්යතාවද අවධාරණය කර තිබේ.
















