ඉඟුරුකඩේ හන්දිය ආසන්නයේ වරාය ප්රවේශ මාර්ගය අසල පිහිටි ට්රයිකෝ ඊ.එෆ්.සී. (TRICO EFC) පරිශ්රයේ තිබූ සැකකටයුතු අපනයන කන්ටේනරයක් පරීක්ෂා කිරීමේ රේගු කටයුතු අද (01) සිදු කෙරෙමින් පවතින බව ශ්රී ලංකා රේගුව සඳහන් කරයි.
අධිකරණ නියෝගයකට අනුකූලව මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බවද රේගුව පවසයි.
ඒ අනුව අදාළ අධිකරණ නියෝගය මත ශ්රී ලංකා පොලිසියද මෙම පරීක්ෂණ කටයුතු සඳහා කැඳවා තිබේ.
















