අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ ආටිගල හංදියේදී, කඩුවෙල දෙස සිට හංවැල්ල දෙසට ගමන් ගත් ලොරි රථයක රියදුරාට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පාලනයෙන් ගිලිහීගිය ලොරි රථය මාර්ගය පසෙක තිබූ අධිබලැති විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.
ඊයේ (30) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රිය සහයකයා ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, අනතුරට හේතුවූ රියදුරුගේ හදිසි අසනීප තත්ත්වය සහ විදුලි කණුවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
















