කිර්ගිස්තානයේ පැවති 13 වැනි ලෝක ශක්ති එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් පිහිටවූ ශ්රී ලංකා ගුවන් හමුදා ක්රීඩක දුලිත් දසනායක විශේෂ උසස්වීමක් ලබා තිබෙනවා.
ඒ අනුව ඔහු මෙතෙක් දැරූ කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අනුමැතිය ලබාදී තිබෙනවා.
13 වැනි ලෝක ශක්ති එසවීමේ ශූරතාවලියේ කිලෝග්රෑම් 95ට අඩු බර පන්තියේ Hack Lift ඉසව්වට ශ්රී ලංකාව නියෝජනය කළ දුලිත් දසනායක කිලෝග්රෑම් 260ක බරක් ඔසවමින් රන් පදක්කම දිනාගෙන නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා.
ඔහුගේ මෙම ජාත්යන්තර ජයග්රහණය ශ්රී ලංකාවට මෙන්ම ශ්රී ලංකා ගුවන් හමුදාවටද ජාත්යන්තර කීර්තියක් අත්කර දුන් බව ගුවන් හමුදාව සඳහන් කළා.
ඔහුට උපහාර දැක්වීම සඳහා අද (01) ගුවන් හමුදා මූලස්ථානයේදී විශේෂ ඇගයීම් උත්සවයක් පැවැත්වුණු අතර, එහිදී ගුවන් හමුදාපතිවරයා විසින් නව සැරයන් දුලිත් දසනායක වෙත විශේෂ මූල්ය ත්යාගයක්ද පිරිනමා තිබෙනවා.
















