මාස තුනක පමණ සාපේක්ෂ නිහඬතාවකින් පසුව පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර යළි උග්ර වී ඇති ගැටුම් මධ්යයේ පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ හෙල්මන්ඩ් පළාත්වලට ගුවන් ප්රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
එම ප්රහාරවලින් නිවාස තුනකට හානි සිදුවී පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි.
මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බව තලේබාන් ප්රකාශක සබීහුල්ලා මුජාහිඩ් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, පාකිස්ථාන තොරතුරු අමාත්යාංශය පවසන්නේ විශ්වාසදායක බුද්ධි තොරතුරු මත පදනම්ව ත්රස්තවාදී සැඟවුණු ස්ථාන දෙකක් ඉලක්ක කර ප්රහාර එල්ල කළ බවයි.
එම ප්රහාරවලින් ත්රස්තවාදීන් 22 දෙනෙකු මියගොස් ඇති බවත්, අදාළ ස්ථානවල තිබූ විශාල ආයුධ සහ පතරොම් තොගයක් විනාශ කළ බවත් පාකිස්ථාන බලධාරීන් ප්රකාශ කර ඇත.
කෙසේ වෙතත්, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන මෙම තොරතුරු ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
වයඹදිග පාකිස්ථානයේ පොලිස් පරිශ්රයකට පසුගිය මාසයේ එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු මියයාමත් සමඟ දෙරට අතර පවතින නොසන්සුන්තාව යළි උග්ර වී තිබේ.
පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ සිට ක්රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් සිය රට තුළ ප්රහාර එල්ල කරන බවට චෝදනා කරන අතර, ඇෆ්ගන් තලේබාන් රජය එම චෝදනා ප්රතික්ෂේප කරයි.
















