උමාඔය පහළ නිම්න ව්යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩාඔය ජලාශය අද (01) ජනතා අයිතියට පත් කර තිබේ.
කෘෂිකර්ම, ඉඩම් හා පශු සම්පත් අමාත්ය කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් මෙම ජලාශය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි.
ජලාශය ජනතා අයිතියට පත් කිරීමත් සමඟ බදුල්ල සහ මොණරාගල දිස්ත්රික්කවල ඉඩම් අක්කර දහස් ගණනක් වගා කිරීමට අවස්ථාව හිමිවන අතර, අලුතින් කුඹුරු ඉඩම් අක්කර සිය ගණනක්ද අස්වැද්දීමට හැකියාව ලැබෙන බව සඳහන් වේ.
මෙම අවස්ථාවට අමාත්ය කේ. ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු අමාත්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්යාංශ නිලධාරීන් සහ ගොවීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
















