ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති විශේෂ සැමරුම් වැඩසටහනට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වී තිබේ.
එහිදී රෝහලේ ප්රතිසංස්කරණය කරන ලද රුධිර කාන්දුකරණ ඒකකය දරු දැරියන්ගේ ප්රතිකාර සේවාවන් සඳහා එක් කිරීම සිදු කෙරිණි.
මෙවර ලෝක ළමා දිනය “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ සමරනු ලබන අතර, රෝහල්ගතව ප්රතිකාර ලබන දරුවන්ගේ මානසික සුවතාව ශක්තිමත් කිරීමේ අරමුණින් විනෝදාත්මක හා නිර්මාණාත්මක වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.
දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ප්රවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ ළමා ගී ප්රසංගයක්ද මීට සමගාමීව පවත්වා තිබේ.
මෙම වැඩසටහන් සඳහා නයින්වෙල්ස් රෝහල සහ එල්.බී. ෆිනෑන්ස් ආයතනයද දායකත්වය ලබාදී තිබේ.
මෙම අවස්ථාවට සෞඛ්ය ක්ෂේත්රයේ නිලධාරීන්, විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන්, හෙද හෙදියන්, සෞඛ්ය වෘත්තිකයන්, දරු දැරියන්, දෙමාපියන් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
















