සැප්තැම්බර් 11 සිට ඔක්තෝබර් 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ, එහිදී ඩිංගි යාත්රා 23ක් ද සිය භාරයට ගත් බවයි.
තහනම් ධීවර දැල්, නීති විරෝධී පන්න ක්රම සහ පුපුරණ ද්රව්ය භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතව සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර, උතුර සහ උතුරු මැද නාවික විධානයන්ට අයත් නිලධාරීන් විසින් සිදුකළ මෙම මෙහෙයුම්වලදී ත්රිකුණාමලය, වාකරේ, මූතූර්, උප්පුවේලි, නිලාවේලි, කින්නියා, යාපනය, මන්නාරම ඇතුළු වෙරළ හා මුහුදු ප්රදේශ රැසක් ආවරණය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදී තිබේ.
















