හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුගේ මුහුණේ කැමරාවක් ගැටීම අධික තදබදය හේතුවෙන් සිදුවූ අහඹු සිදුවීමක් බව මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා පවසයි.
මාධ්යවේදීන් සහ ජනතාව අතර ඇති වූ තෙරපීම මධ්යයේ කැමරාව ආරක්ෂක නිලධාරියාගේ මුහුණේ ගැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වී තිබුණි.
කෙසේ වෙතත්, මෙය සැලසුම් සහගත ප්රහාරයක් හෝ ආරක්ෂක අඩුපාඩුවක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කරයි.
විධිමත් පරීක්ෂණයකින් අනතුරුව පමණක් සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, අධිකරණ සංකීර්ණවල ආරක්ෂක විධිවිධාන මේ වන විටත් දැඩි කර ඇති බවත්, අධිකරණ පරිශ්රයට පැමිණෙන සියලු දෙනා දැඩි ආරක්ෂක පරීක්ෂාවන්ට ලක් කරන බවත් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
බුද්ධි අංශ මගින් සිදුකරන අවදානම් තක්සේරු කිරීම් මත අවශ්ය පුද්ගලයින්ට ආරක්ෂාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
















