කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණය කේන්ද්ර කරගනිමින් පැවති 50 වැනි ජාතික මහ ක්රීඩා උළෙලේ වූෂු තරගාවලියේ තාඕලු (Taolu) ඉසව්වේ දක්ෂතම ක්රීඩකයා ලෙස බස්නාහිර පළාත නියෝජනය කළ ටී. බී. රණසිංහ තේරී තිබේ.
එම තාඕලු ඉසව්වේ දක්ෂතම ක්රීඩිකාව ලෙස බස්නාහිර පළාත නියෝජනය කළ එම්. එල්. ඩී. ටී. එස්. ගුණසේකර සම්මානයට පාත්ර වී තිබේ. සන්දා (Sanda) ඉසව්වේ දක්ෂතම ක්රීඩකයා ලෙස ඌව පළාත නියෝජනය කළ එස්. ආර්. කුමාර කිලෝග්රෑම් 65 බර පන්තියෙන්ද, දක්ෂතම ක්රීඩිකාව ලෙස නැඟෙනහිර පළාත නියෝජනය කළ ඩබ්ලිව්. පී. එම්. මදුමාලි කිලෝග්රෑම් 56 බර පන්තියෙන්ද නම් කර තිබේ.
මෙම සම්මාන තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ සංවිධානය යටතේ පැවති තරගාවලියේදී පිරිනමා ඇති බව වාර්තා වේ.
















